MaharajasteemCreated with Sketch.

in Steem Sri Lanka3 days ago


image.png
source

හායි යාලුවනේ අද මං ඔයාලා එක්ක කතා කරන්නේ Maharaja ෆිල්ම් එක ගැන. මේක 2024 අලුතින්ම ආව ෆිල්ම් එකක්. Vijay Sethupathi මේ ෆිල්ම් එකේ ප්‍රධාන නළුවා විදිහට රංගනයෙන් දායක වෙනවා. මේක වෙනස්ම වෙනස් විදිහෙ ෆිල්ම් එකක් කියලා මට හිතෙනවා. මේ ෆිල්ම් එකේ කතාව පටන් ගන්නේ තාත්තා කෙනෙක් තමන්ගේ දුව නිසා ඉස්කෝලේ විදුහල්පතිවරයා එක්ක පොඩි ප්‍රශ්නයක් දාගන්න දර්ශනයකින්. ඒ තාත්තා කොච්චර ශක්තිමත් ද කියලා ඒ වෙලාවේ පෙන්නනවා. මේ ෆිල්ම් එකේ මුල ටික බලද්දී මේ තාත්තාගෙයි දුවගෙයි හැසිරීම දැක්කම ඒ මනුස්සයාට පිස්සුද කියලත් හිතෙනවා. ඒත් ෆිල්ම් එක අවසන් වෙන්නේ හිතාගන්න වත් බැරි අවසානයක් එක්ක. ඉතින් මන් මේ ආටිකල් එක කියවන හැමෝටම කියනවා අනිවාර්යයෙන්ම පුලුවන් නම් ඒ ෆිල්ම් එක බලන්න කියලා. අපි දැන් ෆිල්ම් එක ගැන ටිකක් කතා කරමුකෝ. මන් අර කිව්ව තාත්තා හැම තැනම 'ලක්ශ්මි' හොයනවා. එයා බැරිම තැන ගිහින් පොළිසියේ පැමිණිල්ලකුත් දානවා. දුව නේවාසිකාගාරයක නැවතිලා ඉගෙන ගන්න ගමන් ඉන්නෙ. එයත් නිතරම තාත්තට කෝල් කරලා ලක්ශ්මිව පෙන්නන්න කියනවා. මන් නම් ෆිල්ම් එකේ මුලදි හිතුවෙ ලක්ශ්මි කියන්නේ එයාගෙ සහෝදරියක් කියලා. ටිකක් ෆිල්ම් එක බලන් යද්දි තමා තේරෙන්නෙ ලක්ශ්මි කියන්නේ පරන කුණු බාල්දියක් කියලා. මේ ගෙදර ඉන්නේ තාත්තායි දුවයි විතරයි. මේ දෙන්නා ලක්ශ්මි කියලා නමක් දැම්ම කුණු බාල්දියට දේවත්වයෙන් සලකනවා. පවුලේ ඉන්නේ කී දෙනෙක්ද ඇහුවම මෙයාලා කියන්නේ තුන් දෙනයි කියලා. හැමෝම කිව්ව ගමන් හිතන්නේ ලක්ශ්මි කියන්නේ මේ ගෑනු ළමයගේ සහෝදරිය හරි එහෙම නැනැත්තං මේ ගෙදර වැඩකාරිය හරි කියල. ඉතින් කොහොම හරි මේ ගෙදරට හොරු පැනලා අර කුණු බාල්දිය හොරකම් කරලා කියලා මේ මනුස්සයා පොලිසියේ පැමිණිල්ලක් දානවා. ගෙදර වටින බඩු කිසිදෙයක් නැති වෙලා නැති නිසා කුණු බාල්දියක් හොයන මේ මනුස්සයා පොළිසියේ අයටත් විහිලුවක් වෙනවා.


image.png
source

කොහොම හරි ඉතින් පොළිස් නිලධාරීයෙක් මේ මනුස්සයාට ලක්ශ්මිව හොයලා දෙන්න කැමති වෙනවා. ඒත් ඒ නිකන්ම නෙවේ ලොකුම ලොකු පගාවකට. මේ අතරෙ අපිට ෆිල්ම් එකේ තව සිද්දියක් පෙන්නනවා. හොරු කන්ඩායමක් ගෙවල් වලට ඇවිල්ලා ඒ ගෙදර වටින බඩු හොරකම් කරගෙන ගෙදර මිනිස්සුත් අමානුෂික විදිහට මරලා දාන සිද්දියක්. ඒත් මේ මනුස්සයා තමන්ගෙ බිරිඳටයි. එයාගෙ චූටි දුවටයි ගොඩක් ආදරෙයි. ඒ ලමයගෙ පිටේ හොද කරන්න අමාරු පොඩි තුවාලයකුත් තියෙනවා. ඉතින් මේ සිද්දිය ෆිල්ම් එකට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා දැනගන්නනම් ෆිල්ම් එක තව ඉස්සරහට බලන්න වෙනවා යාලුවනේ. මේ අතරෙ පොලිසියෙ අය කරන්නේ අර කුණු බාල්දිය හොයන එක. ඒ වැඩේ හරියන්නෙම නැති නිසා මේ කට්ටිය ඒ විදිහටම කුණු බාල්දියක් හදවනවා එක මනුස්සයෙක්ට කියලා. මේ ලක්ශ්මි ව හොයන එක අර තාත්තාගෙ සැලැස්මක් ඒක පිටිපස්සේ ගොඩක් දුක හිතෙන කතාවක් තියෙනවා. ඒ අසාධාරණය ට සාදාරනයක් බලාපොරොත්තුවෙන් වැරදිකරුවන් අල්ලගන්න තමා මේ තාත්තා මෙහෙම කතාවක් ගොතලා තියෙන්නේ. අනිත් වැදගත්ම දේ තමයි එක දවසක් සිදුවුණ ලොකු අනතුරකින් මේ තාත්තාට එයාගෙ බිරිද වගේම එයාගෙ චූටි දුවත් අහිමි වෙනවා. එතකොට මේ තාත්තා දැන් පණ වගේ ආදරෙන් බලාගන්න ගෑනු ළමයා කවුද? එයාට වුණ මේ ප්‍රශ්නෙ මොකද්ද? අර හොරු මේ කතාවට සම්බන්ධ වෙන්නේ කොහොමද? මේ හැම දෙයකටම උත්තර හොයාගන්නනම් ඔයාලටත් මේ ෆිල්ම් එක බලන්නම වෙනවා යාලුවනේ. මන් කලින් කිව්වා වගේම මේ ෆිල්ම් එක හිතාගන්නවත් බැරි ගොඩක් දුක හිතෙන අවසානයක් තියෙන ෆිල්ම් එකක්. ඉතින් අලුත් ආටිකල් එකකින් හෙට අපි හම්බවෙමු.